ඉන්දියාවෙන් මිල අඩුම Tablet පරිගණකයක්.

ජූලි 23, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

ඉන්දියාව විසින් මිල අඩු ටච්ස්ක්‍රීන් Tablet පරිගණකයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි මිල ඩොලර් 35 ක් ලෙසයි සදහන් වන්නේ.

Indian Express වෙබ් අඩවිය අනුව මෙහි වෙබ් බ්‍රව්සරයක් , PDF කියවනයක් , කාර්යාල යෙදුම් මෘදුකාංග , මීඩියා ප්ලේයරයක් , ආදී පහසුකම් වලින් සමන්විත වන අතර මෙහි ලිනක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වනවා.

Windows 7 පිටපත් මිලියන 175 ක් මාස 9 ක් ඇතුලත විකුණයි.

ජූලි 23, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Windows 7, පුවත් 

Windows 7

Microsoft ආයතනය මාස 9 ක් ඇතුලත Windows 7  පිටපත් මිලියන 175 ක් විකුණා ඇති අතර මෙය Microsoft සමාගම විසින් නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම වේගයකින් අලෙවි වන මෙහෙයුම් පද්ධතිය බවට සැලකෙනවා. මෙම Windows 7  මෙහෙයුම් පද්ධතිය 2009 වසරේ ඔක්තෝබර් මස නිකුත් වූවක්.

මීට මාසයකට පෙර Microsoft ආයතනය සදහන් කළ පරිදි Windows 7  පිටපත් මිලියන 150 ක් විකුණා ඇති බවයි. එනම් තත්පරයක් ඇතුලත Windows 7  පිටපත් 7 ක් පමණ අලෙවි වී තිබෙනවා.



Facebook වෙත සාමාජිකයන් මිලියන 500 ක්.

ජූලි 23, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: facebook, පුවත් 

Facebook වෙබ් අඩවියේ ලියාපදිංච් වී ඇති සාමාජිකයන් ගණන 21/07/2010 දින වනවිට මිලියන 500 ක්  වී තිබෙනවා. මේ පිළිබදව  ABC World News හා Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ Mark Zuckerberg විසින් පැවැත්වූ සාකච්ඡාවක  වීඩියෝ දර්ශණයක් පහත ඇත.

WordPress 3.0 ස්ථාපනය කිරීම

ජූලි 21, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: Blogging, wordpress 

WordPress වර්ථමානයේ බ්ලොග් අඩවි නිර්මාණය සදහා මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නාwordpress ජනප්‍රිය PHP Application එකකි. එහි නවතම සංස්කරණය වන්නේ WordPress 3.0 සංස්කරණයයි. මෙම සංස්කරණය මීට පෙර පැම්ණි සංස්කරණ වලට වඩා නවීකරණය වූවකි. මීට පෙර පැම්ණි සංස්කරණ වලදී බ්ලොග් අඩවිය Menu එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් ප්ලගිනයක් හෝ Menu එකක්  ක්‍රියාත්මක වන theme එකක්  යොදා ගැනීමට සිදුවුවත් 3.0 සංස්කරණය තුල  Menus නමින් WordPress අංගයක් එකතු කර තිබෙනවා. එසේම පෙර සංස්කරණ වලදී WordPress සමග theme දෙකක් ලබාදුන්නද නව සංස්කරණ සමග ලබාදෙනුයේ එක් theme එකක් පමණි.

WordPress ස්ථාපනය කර ගැනීම සදහා පළමුව ඔබ විසින් WordPress වෙබ් අඩවිය මගින් WordPress 3.0 සංස්කරණය බාගත කරගෙන  WordPress ස්ථාපනය කිරීමට යන වෙබ් ලිපිනයේ Folder එක මතට Upload කර ගන්න. ඒ සමගම MySQL Database එකක් නිර්මාණය කරගන්න. Read more

Zoom Tool භාවිතා කිරීම ( Photoshop 5 කොටස )

ජූලි 20, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Photoshop 

ඡායාරූප සංස්කරණය කරන අවස්ථා වලදී ඇතැමි විට ඡායාරූපය විශාල කොට විවිධ සංස්කරණයන්  කිරීමට සිදුවේ. මේ සදහා Zoom Tool එක ආකාර කිහිපයකින් භාවිතා කළ හැකි වේ.

photoshop-zoom--tool

(1) ToolBox මගින් Zoom Tool එක තොරා ගන්න. දැන් ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Zoom Tool එක මගින් වැඩ කිරීමට Option bar තුල ඇති පහසුකම්ද වැදගත් වේ.

මෙහිදී Zoom In යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය විශාල වීම සිදුවේ. Zoom Out යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය කුඩා වීම සිදුවේ. Option bar හි ඇති Resize Windows To Fit  යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ඡායාරූපයට සාපේක්ෂව වින්ඩෝවද වෙනස් වේ. මෙහි Zoom All Windows යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ලබා ගෙන ඇති සියළුම වින්ඩෝවන්ද විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Actual Pixels බොත්තම click කිරීමෙන්  ඡායාරූපයට අදාල උස පළල අනුව පෙනුම සකස් වේ. Fit Screen යන්න තෝරා ගැනීමෙන් පරිගණක තිරයේ උසට හා පළලට ගැලපෙන සේ අදාල ඡායාරූපයේ පෙනුම සකස් වේ. Print Size මගින් ඡායාරූපයේ මුද්‍රණයට අදාල ප්‍රමාණය හෙවත් එහි සැබෑ ප්‍රමාණය ලබා ගත හැක. Read more

Lankablogs.com වෙබ් අඩවිය සම්බන්ධයෙන් පළවු ලිපියට අපගේ කණගාටුව.

ජූලි 16, 2010 by ධීෂාන් · 11 Comments
Filed under: වර්ගීකරණය නොකළ 

lankablogs.com වෙබ් අඩවියේ හිම්කරු  නම්න් මා විසින් මිලදී ගත් lankablogger.com ඩොමේන් නාමයට විරෝධය පාමින් මා හට අසභ්‍ය ලෙස බැන වදිම්න් මාගේ ඊමේල් ලිපිනයට ඊමේල් එකක් එවා තිබූ අතර ඒ පිළිබදව මා විසින් පළ කල ලිපිය කියවු lankablogs.com  වෙබ් අඩවියේ හිම්කරු  වන Lushan Mudalige  විසින්  මා හට දුරකථනයෙන් අමතා ප්‍රකාශ කර සිටියේ ඔහු විසින් මෙවැනි  ඊමේල් ලිපියක් මා හට නොඑවු බවත් ඔහුටද මා විසින් ඔහු එවන ලද ලිපියට පිළිතුරු ලෙස අසභ්‍ය ලෙස බැන වදිම්න් මෙවැනි  ඊමේල් ලිපියක්  එවා ඇති බවයි.  එහිදී මා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු විසින් ඔහුට ලද ඊමේල් ලිපියේ Screenshot  එවනු ලැබූ අතර එය පරීක්ෂා කිරීමේදී මා හට පෙනී ගියේ අප දෙදෙනාගේ නම් යොදා ගනිමින් ව්‍යඡ ලෙස සකස් කළ ඊමේල් ලිපින යොදා ගනිම්න් අප දෙදෙනා හටම ඊමේල් ලිපි එවා ඇති බවයි. ඒ වගේම මා හට ඊමේල් ලිපිය එවා මිනිත්තු කිහිපයකින් Lushan Mudalige  හටද ඊමේල් ලිපිය යවා ඇත. එම ඊමේල් ලිපි දෙකේ Screenshot  පහත දක්වා ඇති අතර අසභ්‍ය වචන සියල්ල කපා හැර ඇත.

මෙලෙස බ්ලෝග්කරුවන් හා බ්ලෝග් කියවනයන් පවත්වාගෙන යන අයව අපහසුතාවයට පත් කිරීම කැත වැඩකි. මෙවැනි වැඩ කරන්නන්ට අප විරුද්ධ විය යුතුය.

ඒ වගේම lankablogger.com ඩොමේන් නාමය  මා විසින් මිලදී ගත් බවක් කිසිවෙකුටත්  මා විසින් ප්‍රකාශ කර නොමැත. මෙය මා විසින් මිලදී ගත් බව සොයා ගෙන ඇත්තේ Logo එකක් සම්බන්ධව මා විසින් දමන ලද ලිපියක් අනුව Who is search result එකක් උපයෝගී කර ගෙන විය හැකිය. මෙම ක්‍රියාව සිදු කරන්නට ඇත්තේ Logo එකක් සම්බන්ධව මා විසින් දමන ලද ලිපිය කියවු පුද්ගලයෙකු විය හැකිය.

Lankablogs.com වෙබ් අඩවිය අපගේ විරෝධය නම්න් පළවු ලිපිය නිසා lankablogs.com  වෙබ් අඩවියේ හිම්කරු  වන Lushan Mudalige හට සිදුවූ අපහසුතාවයට මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

උදවුවක් අවශ්‍යයි

ජූලි 15, 2010 by ධීෂාන් · 9 Comments
Filed under: වර්ගීකරණය නොකළ 

පහත තියන Logo දෙකෙන් වඩාත් හොද Logo එක මොකක්ද ?

පළමු පින්තූරය

දෙවන පින්තූරය

පළමු Logo එක නම් පළමු පින්තූරය ලෙසත් දෙවන Logo එක නම් දෙවන පින්තූරය ලෙසත් Comment එකක් දාන්න.

Read more

නොම්ලේ දෙන Google Apps ලබා ගන්නා අකාරය.

ජූලි 14, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Tips, වෙබ් අඩවි 

Google Apps යනු ගුගල් මගින් ලබාදෙන Gmail, Docs, Sites, Calendar වැනි සේවාවන් තමන්ගේම ඩොමේන් නාමයකට භාවිතා කිරීමට හැකියාවක් ලබා දෙන සේවාවක්. උදාහරණයක් ලෙස you@gmail.com  වැනි Gmail ලිපිනයක් වෙනුවට you@yourdomain ලෙස භාවිතා කරමින් Gmail මගින් ලබාදෙන සියළුම පහසුකම් Google Apps  හරහා ලබාගත හැකියි. මෙහිදී හදුන්වා දීමට යන්නේ ඕනෑම අයෙකුට නොම්ලේ ලබා ගත හැකි Standard Edition නැමති Google Apps  සංස්කරණයයි.

Standard Edition සංස්කරණය හරහා ඔබට ඔබගේ ඩොමේන් නාමය භාවිතා කරමින් ගිණුම් 50 ක් සැකසිය හැකි අතර Gmail, Docs, Sites, Calendar යන සේවාවන් ලබා ගත හැකියි. ඔබට ගිණුම් 50 කට වඩා ලබා ගැනීමට අවශ්‍ය නම් Premier Edition නැමති සංස්කරණය මුදල් ගෙවා භාවිතා කිරීමට සිදුවේ.

Google Apps  ලබා ගැනීම සදහා www.google.com/a වෙබ් ලිපිනයට පිවිසෙන්න. එහි Apps Editions යන්න මත ක්ලික් කර Standard යන්න මත ක්ලික්  කරන්න.

google apps

එවිට Standard Edition සංස්කරණයට අදාල වෙබ් පිටුව ලැබෙන අතර මෙහි Standard Edition සංස්කරණයට තුලින් ලබාගත හැකි පහසුකම්ද දක්වා ඇත.  Google Apps Standard Edition සංස්කරණය ලබා ගැනීමට  එම වෙබ් පිටුව තුල ඇති Get Standard යන්න මත ක්ලික් කරන්න. Read more

Gmail විසින් Rich Text Signatures හදුන්වා දෙයි.

ජූලි 10, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

Gmail මතදී  Signatures යෙදීමේදී Rich Text Signature යොදා ගැනීමේ පහසුකම ගුගල් විසින් හදුන්වාදී තිබෙනවා. මෙම නව පහසුකම නිසා වර්ණ අකුරු , links සහ පින්තූර Signature වශයෙන් යොදා ගත හැකියි.

Read more

co.cc ඩොමේන් නාමයක් Blogger වලට යොදා ගන්නා ආකාරය.

ජූලි 9, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Blogging, වෙබ් අඩවි 

Blogger සදහා co.cc ඩොමේන් නාමයක් යොදා ගන්නේ නම් එයට අදාල සැකසුම් යුත්තේ ඔබේ ඩොමේන් නාමය සදහා ඇති Control Panel එක තුල  ඇති Zone Records යන කොටස තුලයි.

මේ සදහා Zone Records වලට පිවිස පහත පරිදී සැකසුම් සකස් කර “Set up” යන්න මත ක්ලික් කරන්න. මේ සදහා උපරිමව පැය 48 ක කාලයක් ගත වේ.

Host   = www.mysite. co.cc

TTL    = 1 D

Type = CNAME

Value = ghs.google.com

මෙහි Host යන්නෙහි www.mysite. co.cc යන්නට ඔබේ ඩොමේන් නාමයේ ලිපිනය යොදා ගන්න. මෙහිදී Host යන්නට ඔබේ ඩොමේන් නාමයෙහි Sub Domain name එකක් යොදා ගත හැක. උදාහරනයක් ලෙස blog.mysite. co.cc ලෙස සැකසිය හැක.

Read more

ඉදිරි පිටුවට »

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status