Most Favourite .lk Website Award ද නැත්නම් Most Favourite Sri Lankan Website Award ද ?
.LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය දෙවන වරටත් ආරම්භ කර තිබෙනවා. තරගයේ නම අනුව මෙමගින් තෝරන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවියයි. නමුත් මෙම තරගයට සහභාගී විය හැක්කේ .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට පමණකි. නමුත් ලංකාවේ වෙබ් අඩවි බිහිවෙන්නේ .lk ඩොමේනයක් පමණක් යොදාගෙන නොවන අතර .com , .net , .org , .info ආදී ඩොමේන් නාමද යොදා ගනී. .lk ඩොමේන් නාම යොදා නිර්මාණය කරන ලද ලංකාවේ වෙබ් අඩවි වලට වඩා වෙනත් ඩොමේන් නාම යොදා නිර්මාණය කරන ලද ලංකාවේ වෙබ් අඩවි වැඩිය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය තෝරනවා කියා .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට පමණක් මෙම තරගයට සහභාගි වීමට අවස්ථාව ලබා දීම අනෙකුත් වෙබ් අඩවි වලට කරන අසාධාරණයකි. එලෙස .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට පමණක් මෙම තරගයට සහභාගි වීමට පුළුවන්නම් මෙම තරගයට Most Favourite Sri Lankan Website Award වෙනුවට Most Favourite .lk Website Award ලෙස විය යුතුය. Read more
Most Favourite Sri Lankan Website Award තරගාවලිය නැවතත්.
.LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) විසින් Most Favourite Sri Lankan Website Award නම්න් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය දෙවන වරටත් ආරම්භ කොට ඇති අතර .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට මේ සදහා ඉදිරිපත් විය හැකියි. තරගකරුවන්ට අංශ කිහිපයකින් මෙම තරගයට සහභාගී වීමට හැකිය.
ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම මේ දවස් වල වැඩිපුර දක්නට ලැබෙන මාතෘකාවක්. පත්තර වල දැන්වීම් පළ කරමින් ඇතැම් පුද්ගලයන් මේ සදහා පන්ති පවා පවත්වන අතර තවත් පිරිසක් CD අලෙවි කිරීමද සිදුකරනවා.
ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?
ඔව්. අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකියි. නමුත් පත්තර වල ඇති දැන්වීම් වල ආකාරයට , CD වල ඇති ආකාරයට හෝ පන්ති වල උගන්වන ආකාරයට වෙබ් අඩවි / බ්ලොග් අඩවි නිර්මාණය කර එය වෙත පැමිණෙන අය ලවා වෙළද දැන්වීම් ක්ලික් කරගෙන හෝ PTC / Bux වෙබ් අඩවි හරහා නොවේ. අන්තර්ජාලය හරහා වෙළද කටයුතු කරන , දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයන විව්‍ධ ආයතන හා පුද්ගලයන් සිටිනවා. උදාහරණයක් ලෙස Google, Yahoo, EBay, Amazon, Facebook , Hostgator, Justhost වැනි ආයතන දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයනු ලබනවා.
ලංකා බ්ලොගර් වෙබ් අඩවිය ආරම්භ වූ වගයි.
ලංකා බ්ලොගර් (LankaBlogger) යනු ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් බ්ලොග් ලියන්නන් සදහා සැකසුණු වෙබ් අඩවියකි. මෙහි ඇති විශේෂත්වය වනුයේ බ්ලොග් කියවනයකට සීමා නොවී බ්ලොග්කරුවන් හට විවිධ සේවා සැපයීමයි. දැනට බ්ලොග් කියවනයකින් හා Community Site එකකින් සමන්විත වුවත් ඉදිරියේදී තවත් සේවාවන් කිහිපයක් ලබා දීමට නියමිතයි.
ඉන්දියාවෙන් මිල අඩුම Tablet පරිගණකයක්.
ඉන්දියාව විසින් මිල අඩු ටච්ස්ක්‍රීන් Tablet පරිගණකයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි මිල ඩොලර් 35 ක් ලෙසයි සදහන් වන්නේ.
Indian Express වෙබ් අඩවිය අනුව මෙහි වෙබ් බ්‍රව්සරයක් , PDF කියවනයක් , කාර්යාල යෙදුම් මෘදුකාංග , මීඩියා ප්ලේයරයක් , ආදී පහසුකම් වලින් සමන්විත වන අතර මෙහි ලිනක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වනවා.
Windows 7 පිටපත් මිලියන 175 ක් මාස 9 ක් ඇතුලත විකුණයි.
Microsoft ආයතනය මාස 9 ක් ඇතුලත Windows 7 පිටපත් මිලියන 175 ක් විකුණා ඇති අතර මෙය Microsoft සමාගම විසින් නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම වේගයකින් අලෙවි වන මෙහෙයුම් පද්ධතිය බවට සැලකෙනවා. මෙම Windows 7 මෙහෙයුම් පද්ධතිය 2009 වසරේ ඔක්තෝබර් මස නිකුත් වූවක්.
මීට මාසයකට පෙර Microsoft ආයතනය සදහන් කළ පරිදි Windows 7 පිටපත් මිලියන 150 ක් විකුණා ඇති බවයි. එනම් තත්පරයක් ඇතුලත Windows 7 පිටපත් 7 ක් පමණ අලෙවි වී තිබෙනවා.
Facebook වෙත සාමාජිකයන් මිලියන 500 ක්.
Facebook වෙබ් අඩවියේ ලියාපදිංච් වී ඇති සාමාජිකයන් ගණන 21/07/2010 දින වනවිට මිලියන 500 ක් වී තිබෙනවා. මේ පිළිබදව ABC World News හා Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ Mark Zuckerberg විසින් පැවැත්වූ සාකච්ඡාවක වීඩියෝ දර්ශණයක් පහත ඇත.
WordPress 3.0 ස්ථාපනය කිරීම
WordPress වර්ථමානයේ බ්ලොග් අඩවි නිර්මාණය සදහා මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා
ජනප්‍රිය PHP Application එකකි. එහි නවතම සංස්කරණය වන්නේ WordPress 3.0 සංස්කරණයයි. මෙම සංස්කරණය මීට පෙර පැම්ණි සංස්කරණ වලට වඩා නවීකරණය වූවකි. මීට පෙර පැම්ණි සංස්කරණ වලදී බ්ලොග් අඩවිය Menu එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් ප්ලගිනයක් හෝ Menu එකක් ක්‍රියාත්මක වන theme එකක් යොදා ගැනීමට සිදුවුවත් 3.0 සංස්කරණය තුල Menus නමින් Wordpress අංගයක් එකතු කර තිබෙනවා. එසේම පෙර සංස්කරණ වලදී WordPress සමග theme දෙකක් ලබාදුන්නද නව සංස්කරණ සමග ලබාදෙනුයේ එක් theme එකක් පමණි.
WordPress ස්ථාපනය කර ගැනීම සදහා පළමුව ඔබ විසින් WordPress වෙබ් අඩවිය මගින් WordPress 3.0 සංස්කරණය බාගත කරගෙන WordPress ස්ථාපනය කිරීමට යන වෙබ් ලිපිනයේ Folder එක මතට Upload කර ගන්න. ඒ සමගම MySQL Database එකක් නිර්මාණය කරගන්න. Read more
Zoom Tool භාවිතා කිරීම ( Photoshop 5 කොටස )
ඡායාරූප සංස්කරණය කරන අවස්ථා වලදී ඇතැමි විට ඡායාරූපය විශාල කොට විවිධ සංස්කරණයන් කිරීමට සිදුවේ. මේ සදහා Zoom Tool එක ආකාර කිහිපයකින් භාවිතා කළ හැකි වේ.
(1) ToolBox මගින් Zoom Tool එක තොරා ගන්න. දැන් ඡායාරූපය මත click කිරීමෙන් ඡායාරූපය විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Zoom Tool එක මගින් වැඩ කිරීමට Option bar තුල ඇති පහසුකම්ද වැදගත් වේ.
මෙහිදී Zoom In යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන් ඡායාරූපය විශාල වීම සිදුවේ. Zoom Out යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන් ඡායාරූපය කුඩා වීම සිදුවේ. Option bar හි ඇති Resize Windows To Fit යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ඡායාරූපයට සාපේක්ෂව වින්ඩෝවද වෙනස් වේ. මෙහි Zoom All Windows යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ලබා ගෙන ඇති සියළුම වින්ඩෝවන්ද විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Actual Pixels බොත්තම click කිරීමෙන් ඡායාරූපයට අදාල උස පළල අනුව පෙනුම සකස් වේ. Fit Screen යන්න තෝරා ගැනීමෙන් පරිගණක තිරයේ උසට හා පළලට ගැලපෙන සේ අදාල ඡායාරූපයේ පෙනුම සකස් වේ. Print Size මගින් ඡායාරූපයේ මුද්‍රණයට අදාල ප්‍රමාණය හෙවත් එහි සැබෑ ප්‍රමාණය ලබා ගත හැක. Read more
නොම්ලේ දෙන Google Apps ලබා ගන්නා අකාරය.
Google Apps යනු ගුගල් මගින් ලබාදෙන Gmail, Docs, Sites, Calendar වැනි සේවාවන් තමන්ගේම ඩොමේන් නාමයකට භාවිතා කිරීමට හැකියාවක් ලබා දෙන සේවාවක්. උදාහරණයක් ලෙස you@gmail.com වැනි Gmail ලිපිනයක් වෙනුවට you@yourdomain ලෙස භාවිතා කරමින් Gmail මගින් ලබාදෙන සියළුම පහසුකම් Google Apps හරහා ලබාගත හැකියි. මෙහිදී හදුන්වා දීමට යන්නේ ඕනෑම අයෙකුට නොම්ලේ ලබා ගත හැකි Standard Edition නැමති Google Apps සංස්කරණයයි.
Standard Edition සංස්කරණය හරහා ඔබට ඔබගේ ඩොමේන් නාමය භාවිතා කරමින් ගිණුම් 50 ක් සැකසිය හැකි අතර Gmail, Docs, Sites, Calendar යන සේවාවන් ලබා ගත හැකියි. ඔබට ගිණුම් 50 කට වඩා ලබා ගැනීමට අවශ්‍ය නම් Premier Edition නැමති සංස්කරණය මුදල් ගෙවා භාවිතා කිරීමට සිදුවේ.
Google Apps ලබා ගැනීම සදහා www.google.com/a වෙබ් ලිපිනයට පිවිසෙන්න. එහි Apps Editions යන්න මත ක්ලික් කර Standard යන්න මත ක්ලික් කරන්න.
එවිට Standard Edition සංස්කරණයට අදාල වෙබ් පිටුව ලැබෙන අතර මෙහි Standard Edition සංස්කරණයට තුලින් ලබාගත හැකි පහසුකම්ද දක්වා ඇත. Google Apps Standard Edition සංස්කරණය ලබා ගැනීමට එම වෙබ් පිටුව තුල ඇති Get Standard යන්න මත ක්ලික් කරන්න. Read more




