WordPress 3.0 ස්ථාපනය කිරීම

ජූලි 21, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: Blogging, wordpress 

WordPress වර්ථමානයේ බ්ලොග් අඩවි නිර්මාණය සදහා මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නාwordpress ජනප්‍රිය PHP Application එකකි. එහි නවතම සංස්කරණය වන්නේ WordPress 3.0 සංස්කරණයයි. මෙම සංස්කරණය මීට පෙර පැම්ණි සංස්කරණ වලට වඩා නවීකරණය වූවකි. මීට පෙර පැම්ණි සංස්කරණ වලදී බ්ලොග් අඩවිය Menu එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් ප්ලගිනයක් හෝ Menu එකක්  ක්‍රියාත්මක වන theme එකක්  යොදා ගැනීමට සිදුවුවත් 3.0 සංස්කරණය තුල  Menus නමින් Wordpress අංගයක් එකතු කර තිබෙනවා. එසේම පෙර සංස්කරණ වලදී WordPress සමග theme දෙකක් ලබාදුන්නද නව සංස්කරණ සමග ලබාදෙනුයේ එක් theme එකක් පමණි.

WordPress ස්ථාපනය කර ගැනීම සදහා පළමුව ඔබ විසින් WordPress වෙබ් අඩවිය මගින් WordPress 3.0 සංස්කරණය බාගත කරගෙන  WordPress ස්ථාපනය කිරීමට යන වෙබ් ලිපිනයේ Folder එක මතට Upload කර ගන්න. ඒ සමගම MySQL Database එකක් නිර්මාණය කරගන්න. Read more

නොම්ලේ දෙන Google Apps ලබා ගන්නා අකාරය.

ජූලි 14, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Tips, වෙබ් අඩවි 

Google Apps යනු ගුගල් මගින් ලබාදෙන Gmail, Docs, Sites, Calendar වැනි සේවාවන් තමන්ගේම ඩොමේන් නාමයකට භාවිතා කිරීමට හැකියාවක් ලබා දෙන සේවාවක්. උදාහරණයක් ලෙස you@gmail.com  වැනි Gmail ලිපිනයක් වෙනුවට you@yourdomain ලෙස භාවිතා කරමින් Gmail මගින් ලබාදෙන සියළුම පහසුකම් Google Apps  හරහා ලබාගත හැකියි. මෙහිදී හදුන්වා දීමට යන්නේ ඕනෑම අයෙකුට නොම්ලේ ලබා ගත හැකි Standard Edition නැමති Google Apps  සංස්කරණයයි.

Standard Edition සංස්කරණය හරහා ඔබට ඔබගේ ඩොමේන් නාමය භාවිතා කරමින් ගිණුම් 50 ක් සැකසිය හැකි අතර Gmail, Docs, Sites, Calendar යන සේවාවන් ලබා ගත හැකියි. ඔබට ගිණුම් 50 කට වඩා ලබා ගැනීමට අවශ්‍ය නම් Premier Edition නැමති සංස්කරණය මුදල් ගෙවා භාවිතා කිරීමට සිදුවේ.

Google Apps  ලබා ගැනීම සදහා www.google.com/a වෙබ් ලිපිනයට පිවිසෙන්න. එහි Apps Editions යන්න මත ක්ලික් කර Standard යන්න මත ක්ලික්  කරන්න.

google apps

එවිට Standard Edition සංස්කරණයට අදාල වෙබ් පිටුව ලැබෙන අතර මෙහි Standard Edition සංස්කරණයට තුලින් ලබාගත හැකි පහසුකම්ද දක්වා ඇත.  Google Apps Standard Edition සංස්කරණය ලබා ගැනීමට  එම වෙබ් පිටුව තුල ඇති Get Standard යන්න මත ක්ලික් කරන්න. Read more

co.cc ඩොමේන් නාමයක් Blogger වලට යොදා ගන්නා ආකාරය.

ජූලි 9, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Blogging, වෙබ් අඩවි 

Blogger සදහා co.cc ඩොමේන් නාමයක් යොදා ගන්නේ නම් එයට අදාල සැකසුම් යුත්තේ ඔබේ ඩොමේන් නාමය සදහා ඇති Control Panel එක තුල  ඇති Zone Records යන කොටස තුලයි.

මේ සදහා Zone Records වලට පිවිස පහත පරිදී සැකසුම් සකස් කර “Set up” යන්න මත ක්ලික් කරන්න. මේ සදහා උපරිමව පැය 48 ක කාලයක් ගත වේ.

Host   = www.mysite. co.cc

TTL    = 1 D

Type = CNAME

Value = ghs.google.com

මෙහි Host යන්නෙහි www.mysite. co.cc යන්නට ඔබේ ඩොමේන් නාමයේ ලිපිනය යොදා ගන්න. මෙහිදී Host යන්නට ඔබේ ඩොමේන් නාමයෙහි Sub Domain name එකක් යොදා ගත හැක. උදාහරනයක් ලෙස blog.mysite. co.cc ලෙස සැකසිය හැක.

Read more

නොම්ලේ ලැබෙන co.cc ඩොමේන් නාමයක් ලබා ගන්නා ආකාරය.

ජූලි 9, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Tips, වෙබ් අඩවි 

මීට පෙර .tk ඩොමේන් නාමය සම්බන්ධව දාපු ලිපිය කියවපු කෙනෙක් co.cc ඩොමේන් නාමය පිළිබදව ලිපියක් දාන්න කියලා comment එකක් දාලා තිබුණා. එකට පිළිතුරක් වශයෙන් තමයි මේ ලිපිය පළ කරන්නේ.

co.cc ඩොමේන් නාමය නොමිලේ ලබාගත හැකි වුවත් මෙය Sub Domain name එකක්. ඒ කියන්නේ co.cc ඩොමේන් නාමයෙහි Sub Domain තමයි නොමිලේ ලබාදෙන්නේ. මුදල් ගෙවා ලබා ගන්නා .com, .net වැනි ඩොමේන් නාම වලට ලැබෙන හැම පහසුකමක්ම co.cc ඩොමේන් නාමයටත් ලබා ගත හැකියි. ඒ වගේම හැම ඩොමේන් නාමයක්ම නොමිලේ දෙන්නෙත් නෑ. මුලින්ම නම් නොමිලේ ඩොමේන් නාම දෙකක් ලබා ගත හැකි වුවත් දැන් නම් එක් ඩොමේන් නාමයක් පමණයි නොමිලේ ලබා දෙන්නේ.

co.cc ඩොමේන් නාමයක් නොම්ලේ ලබා ගන්නේ කොහොමද ?

co.cc ඩොමේන් නාමයක් ලබා ගැනීම සදහා පළමුව co.cc වෙබ් අඩවියට පිවිස පහත රූපය පරිදි ඇති ඩොමේන් නාම සෙවීමට ඇති කොටුව තුල ඔබ ලබා ගැනීමට අපේක්ෂා කරන වෙබ් අඩවියේ නම ඇතුල් කරන්න.

Read more

TK ඩොමේන් නාමයක් ගැනීමට පෙර සැළකිය යුතු කරුණු

ජූලි 6, 2010 by ධීෂාන් · 6 Comments
Filed under: Tips, වෙබ් අඩවි 

free domainTK ඩොමේන් නාමය පිළිබදව මේ වන විටත් ඔබ දන්නවා ඇති. TK ඩොමේන් නාමය යනු නොමිලේ හෝ මුදල් ගෙවා ලබා ගත හැකි ඩොමේන් නාමයකි. නොමිලේ TK ඩොමේන් නාමය ලබා ගත හැකි වුවත් ඇතැම් TK ඩොමේන් නාම සදහා මුදල් ගෙවීමට සිදුවනවා. නොමිලේ TK ඩොමේන් නාමයක් ලබා ගැනීමේදී පහත කරුණු ඉතා වැදගත්.

1 . ලබා ගන්නා  ඩොමේන් නාමයේ උපරිම අකුරු ගණන 255 කි.

2 . TK ඩොමේන් නාමය සහිත වෙබ් අඩවිය සදහා දින 90 කාලයක් තුල අවම වශයෙන් වෙබ් අඩවියට පිවිසීම් 25 ක් වත් තිබිය යුතුය. එලෙස අවම වශයෙන් පිවිසීම් 25 ක් වත් නොමැති ඩොමේන් නාම ඉවත් කරනු ඇත. Read more

Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ ලබා ගැනීම

ජනවාරි 4, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Tips, facebook 

අන්තර්ජාල දැන්වීම්‍කරණය වර්තමාණයේ ඉතා ඡනප්‍රිය වෙමින් පවතිනවා. ඒ අඩු මුදලකට ලෝකය පුරා තම දැන්වීම ප්‍රචාරණය කර ගත හැකි වීමයි . මෙවැනි දැන්වීම් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවතින අතර Facebook වෙබ් අඩවියද අන්තර්ජාල දැන්වීම්‍කරණය අතින් ඉදිරියෙන් සිටිනවා . විවිධ ආයතන විසින් Facebook වෙබ් අඩවියේ නොමිලේ දැන්වීම්‍ පළ කිරීමට අවස්ථාව සළසා දෙන අතර එවැනි එක් ක්‍රමයක් ලෙස Visa Business Network Facebook application එක හදුන්වාදීමට පුළුවන . Read more

වෙබ් හොස්ටිංවලදී කියවෙන බෑන්ඩ්විත් , ස්පේස් සහ ට්‍රැෆික්

දෙසැම්බර් 27, 2009 by ධීෂාන් · 3 Comments
Filed under: Tips, අන්තර්ඡාලය 

වෙබ් අඩවියක් වෙබ් සර්වර් එකක ස්ථාපිත කිරීමේදී එයට ලබාදෙන ඉඩකඩ  “ස්පේස් (Space)” ලෙස හදුනවයි. උදාහරණයක් ලෙස 5 GB Space ලෙස සදහන්ව ඇත්නම් එම වෙබ් හොස්ටිං එකවුන්ට් එකේදී උපරිමව 5 GB දක්වා දත්ත ප්‍රමාණයක් රදවා තබාගත හැක .

එම වෙබ් සර්වර් එක හරහා දත්ත සම්ප්‍රේෂණය කරන වේගය බෑන්ඩ්විත් ( Bandwidth ) ලෙස හදුනවයි. මෙය ප්‍රකාශ කරනුයේ එක් මාසයක් සදහාය. මෙම අගය වැඩිවෙන තරමට අය කරන මුදලද වැඩිය. වෙබ් අඩවියක් වෙබ් සර්වර් එකක ස්ථාපිත කිරීමේදී එයට තිබිය යුතු බෑන්ඩ්විත් එක පහත සූත්‍රයෙන් ගණනය කළ හැකිය.

  1. වෙබ් අඩවිය හරහා ෆයිල්ස් බාගත කිරීමට අවසර දී නැතිනමි -

Monthly Bandwidth = Average Daily Visitors * Average Page Views * Average Page Size *31 * Fudge Factor

2.   වෙබ් අඩවිය හරහා ෆයිල්ස් බාගත කිරීමට අවසර දී ඇත්නමි -

නමි -Monthly Bandwidth = {(Average Daily Visitors * Average Page Views * Average Page Size) + (Average Daily Files Downloads * Average File Size)} *31 * Fudge Factor

ඉහත සූත්‍රයේ Fudge Factor යන්නට 1 හෝ 1.5 ලෙස යෙදීම ප්‍රමාණවත්ය.

බෑන්ඩ්විත් සහ ට්‍රැෆික් ( Traffic ) යනු එකිනෙකට සම්බන්ධ පද දෙකකි. ට්‍රැෆික් යන්නෙන් එම වෙබ් අඩවියෙන් එකවර කොපමණ දත්ත ප්‍රමාණයක් ලබාගත හැකිදැයි කියවේ. උදාහරණයක් ලෙස 100 MB  පමණ බෑන්ඩ්විත් එකක්පවතින විට එම වෙබ් අඩවියෙහි ඇති 30 MB පමණ වන එක් ගොණුවක් එකවර බාගත හැක්කේ 30 දෙනෙකුට ( 30 /100 , 3/10 ) පමණි. වෙනත් අයෙකුට එය බාගත කර ගැනීමට අවශ්‍ය නම් මුල් 30 දෙනාගෙන් එක් අයෙකු බාගත කිරීම අවසන් වන තෙක් බලාගෙන සිටීමට සිදුවේ.

අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරදි අදහස්

දෙසැම්බර් 12, 2009 by ධීෂාන් · Leave a Comment
Filed under: Tips, අන්තර්ඡාලය 

අපේ රටෙ බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන අදහස් දරන්නේ වැරදි ආකාරයටය. ඒ අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන පවසන වේගය ගැන වැරදියට තේරුම් ගෙනය. අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන්නෙ උපරිම වේගයයි. නමුත් මෙයද බොහෝ දෙනා වරදවා

තේරුම් ගනිති. යම් ආයතනයක් 512kbps ලෙස අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ගැන සදහන් කළ හොත් බොහෝ දෙනා උත්සහ ගන්නේ 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් 512kb (කිලොබයිට් 512) ගොනුවක් තත්පරයකින් බාගත කිරීමට හෙවත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් තත්පරයකට 512kb (කිලොබයිට් 512) ක වේගයක් ලැබෙන බවය . නමුත් මෙය වැරදියට තේරුම් ගැනීමකි . මේ නිසා බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන වැරදි අදහස් පළ කරයි. Read more

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status