Credit Card පතකින් ආරක්ෂිතව අන්තර්ජාලය හරහා ගෙවිම් කරන්නේ කොහොමද?

වර්තමානයේ අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා විකිණීම මෙන්ම මිලදී ගැනීමද ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීම් සදහා 90 % කට වඩා credit card  භාවිතා කරනු ලබනවා. මෙලෙස credit card  භාවිතා කිරීමේදී වර්ථමානයේ අන්තර්ජාලයේ පවතින වංචා , වෛරස් වැනි හේතු නිසා අවධානමකට මුහුණ දීමට සිදුවේ.

හැකර්කරුවන්ගෙන් හා වෛර්ස් වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්න.

වර්ථමානයේ හැකර්කරුවන්ගේ හා වෛර්ස් වැඩසටහන් වල තර්ජන වලට බොහෝමයක් පරිගණක ලක්වෙනවා. මෙවැනි වැඩසටහන් ඔබේ පරිගණකයේ තිබුණ හොත් ඔබගේ credit card පතෙහි තොරතුරු වෙනත් පුද්ගලයන්ගේ අතට පත්විය හැකියි. මේ සදහා හොද ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කළ හැකිය. එසේම අදාල ගෙවීම් සිදු කිරීමට පෙර හා පසු වෙබ් ගවේශකයේ History , cookies ආදිය මකා දමන්න.

විශ්වාස කළ හැකි වෙබ් අඩවි යොදාගන්න.

අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා විකිණීම මෙන්ම මිලදී ගැනීමේදී විශ්වාසවන්ත වෙබ් අඩවි තොරා ගන්න. ඔබ වංචාකාරී වෙබ් අඩවියක් තෝරා ගතහොත් ඔබට අවදානමකට මුහුන දීමට සිදුවේ.එසේම  ඔබට ලැබෙන සෑම ලින්ක් එක්කම ඔබ පිවිසි වෙබ් අඩවියට සම්බන්ධ දැයි පරීක්ෂා කරන්න. Read more

Internet Security 2010 ප්‍රවේසම් වන්න !!!

පෙබරවාරි 8, 2010 by ධීෂාන් · 5 Comments
Filed under: වෛරස් 

Internet Security 2010 යනු ව්‍යාජ ප්‍රතිවෛරස් වැඩසටහනක් (antivirus program). Internet Security 2010 යන වෛරස් වැඩසටහන Advanced Virus Remover malware නැමති වැඩසටහනේ ක්ලෝනයක් (clone) . මෙම වැඩසටහන් දෙකටම ඇත්තේ එක සමාන පරිශීලක අතුරු මුහුනතක් (graphical user interface) . Read more

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status