WordPress 3.0 ස්ථාපනය කිරීම
WordPress වර්ථමානයේ බ්ලොග් අඩවි නිර්මාණය සදහා මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා
ජනප්‍රිය PHP Application එකකි. එහි නවතම සංස්කරණය වන්නේ WordPress 3.0 සංස්කරණයයි. මෙම සංස්කරණය මීට පෙර පැම්ණි සංස්කරණ වලට වඩා නවීකරණය වූවකි. මීට පෙර පැම්ණි සංස්කරණ වලදී බ්ලොග් අඩවිය Menu එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් ප්ලගිනයක් හෝ Menu එකක් ක්‍රියාත්මක වන theme එකක් යොදා ගැනීමට සිදුවුවත් 3.0 සංස්කරණය තුල Menus නමින් Wordpress අංගයක් එකතු කර තිබෙනවා. එසේම පෙර සංස්කරණ වලදී WordPress සමග theme දෙකක් ලබාදුන්නද නව සංස්කරණ සමග ලබාදෙනුයේ එක් theme එකක් පමණි.
WordPress ස්ථාපනය කර ගැනීම සදහා පළමුව ඔබ විසින් WordPress වෙබ් අඩවිය මගින් WordPress 3.0 සංස්කරණය බාගත කරගෙන WordPress ස්ථාපනය කිරීමට යන වෙබ් ලිපිනයේ Folder එක මතට Upload කර ගන්න. ඒ සමගම MySQL Database එකක් නිර්මාණය කරගන්න. Read more
Zoom Tool භාවිතා කිරීම ( Photoshop 5 කොටස )
ඡායාරූප සංස්කරණය කරන අවස්ථා වලදී ඇතැමි විට ඡායාරූපය විශාල කොට විවිධ සංස්කරණයන් කිරීමට සිදුවේ. මේ සදහා Zoom Tool එක ආකාර කිහිපයකින් භාවිතා කළ හැකි වේ.
(1) ToolBox මගින් Zoom Tool එක තොරා ගන්න. දැන් ඡායාරූපය මත click කිරීමෙන් ඡායාරූපය විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Zoom Tool එක මගින් වැඩ කිරීමට Option bar තුල ඇති පහසුකම්ද වැදගත් වේ.
මෙහිදී Zoom In යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන් ඡායාරූපය විශාල වීම සිදුවේ. Zoom Out යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන් ඡායාරූපය කුඩා වීම සිදුවේ. Option bar හි ඇති Resize Windows To Fit යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ඡායාරූපයට සාපේක්ෂව වින්ඩෝවද වෙනස් වේ. මෙහි Zoom All Windows යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ලබා ගෙන ඇති සියළුම වින්ඩෝවන්ද විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Actual Pixels බොත්තම click කිරීමෙන් ඡායාරූපයට අදාල උස පළල අනුව පෙනුම සකස් වේ. Fit Screen යන්න තෝරා ගැනීමෙන් පරිගණක තිරයේ උසට හා පළලට ගැලපෙන සේ අදාල ඡායාරූපයේ පෙනුම සකස් වේ. Print Size මගින් ඡායාරූපයේ මුද්‍රණයට අදාල ප්‍රමාණය හෙවත් එහි සැබෑ ප්‍රමාණය ලබා ගත හැක. Read more
රූලර් භාවිතයට ගැනීම ( Photoshop 4 කොටස )
Photoshop මගින් ඡායාරූප සංස්කරණයේදී ඇතැමි විට යම් කිසි ස්ථානයක් හදුනා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සදහා යම් කිසි මිණුම් ක්‍රමයක් අවශ්‍ය වේ. එවැනි අවස්ථා වලදී Photoshop තුල ඇති රූලර් (Ruler) භාවිතයට ගත හැක. මෙහි පිහිටීම සකස් වන්නේ සිරස් හා තිරස් ආකාරයටය. ඔබ විසින් විවෘත කර ගන්නා ලද ඡායාරූපයකට Ruler ලබා ගැනීමට View → Rulers යන්න තොරන්න. නැතහොත් කෙටි ක්‍රමය වන Ctrl + R අනුගමනය කරන්න. මේ ආකාරයට ලැබෙන Ruler හි පෙනුම පහත ආකාරයට වේ. Read more
නව වින්ඩෝවක් ලබා ගැනීම ( Photoshop 3 කොටස )
File » New වෙත පිවිසීමෙන් නව වින්ඩෝවක් ලබාගැනීම සිදුකළ හැක. එලස නව වින්ඩෝවක් ලබා ගැනීමේදී පහත පරිදි කොටුවක් ලැබේ. Read more
Photoshop වල Tools හදුනාගැනීම ( Photoshop 2 කොටස )
Rectangle Marquee Tool – පින්තූරයකින් හතරැස් කොටුවක කොටසක් මෙමගින් තෝරා ගත හැකිය.Shift යතුර භාවිතා කරමින් ඇදීම සිදුකළ හොත් සමචතුරස්‍රාකාර කොටසක් තොරා ගත හැකිය.
Ellips Marquee Tool – ඕවලාකාර හැඩයක් සහිත ප්‍රදේශයක් මෙමගින් තෝරා ගැනීමට පුළුවන. Shift යතුර භාවිතා කරමින් ඇදීම සිදුකළ හොත් රවුමක හැඩයට තෝරා ගැනීමක් කළ හැකිය.
Single Row Marquee Tool - පේලියක් ආකාරයට යම් කිසි ප්‍රදේශයක් තෝරා ගැනීමට මෙය භාවිතා කළ හැකිය. Read more
Photoshop හැදින්වීම ( Photoshop 1 කොටස )
වර්ථමානයේ ජනප්‍රිය ඡායාරූප සංස්කරණයට යොදාගැනෙන මෘදුකාංගය වන්නේ Photoshop මෘදුකාංගයයි. පුවත්පත්, සගරා, වෙබ්අඩවි, රූපවාහිනනිය, චිත්‍රපටි සදහා මෙන්ම දැන්වීම් පළකරන ආයතනද ඡායාරූප සංස්කරණයට යොදාගැනෙන ජනප්‍රිය මෘදුකාංගය වන්නේ Photoshop මෘදුකාංගයයි. විනාශ වෙමින් පවතින ඡයාරූප, දුර්වර්ණ වූ ඡායාරූප, ආලෝකය හෝ වෙනත් හේතූන් මත හොද තත්වයේ නොමැති ඡායාරූප, කළු සුදු ඡායාරූප වර්ණ ඡායාරූප ලෙස ලබාගැනීම ආදී කටයුතු වලට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස Photoshop මෘදුකාංගය හදුන්වන්නට පුළුවන. Read more


