නොම්ලේ දෙන Google Apps ලබා ගන්නා අකාරය.
Google Apps යනු ගුගල් මගින් ලබාදෙන Gmail, Docs, Sites, Calendar වැනි සේවාවන් තමන්ගේම ඩොමේන් නාමයකට භාවිතා කිරීමට හැකියාවක් ලබා දෙන සේවාවක්. උදාහරණයක් ලෙස you@gmail.com වැනි Gmail ලිපිනයක් වෙනුවට you@yourdomain ලෙස භාවිතා කරමින් Gmail මගින් ලබාදෙන සියළුම පහසුකම් Google Apps හරහා ලබාගත හැකියි. මෙහිදී හදුන්වා දීමට යන්නේ ඕනෑම අයෙකුට නොම්ලේ ලබා ගත හැකි Standard Edition නැමති Google Apps සංස්කරණයයි.
Standard Edition සංස්කරණය හරහා ඔබට ඔබගේ ඩොමේන් නාමය භාවිතා කරමින් ගිණුම් 50 ක් සැකසිය හැකි අතර Gmail, Docs, Sites, Calendar යන සේවාවන් ලබා ගත හැකියි. ඔබට ගිණුම් 50 කට වඩා ලබා ගැනීමට අවශ්‍ය නම් Premier Edition නැමති සංස්කරණය මුදල් ගෙවා භාවිතා කිරීමට සිදුවේ.
Google Apps ලබා ගැනීම සදහා www.google.com/a වෙබ් ලිපිනයට පිවිසෙන්න. එහි Apps Editions යන්න මත ක්ලික් කර Standard යන්න මත ක්ලික් කරන්න.
එවිට Standard Edition සංස්කරණයට අදාල වෙබ් පිටුව ලැබෙන අතර මෙහි Standard Edition සංස්කරණයට තුලින් ලබාගත හැකි පහසුකම්ද දක්වා ඇත. Google Apps Standard Edition සංස්කරණය ලබා ගැනීමට එම වෙබ් පිටුව තුල ඇති Get Standard යන්න මත ක්ලික් කරන්න. Read more
co.cc ඩොමේන් නාමයක් Blogger වලට යොදා ගන්නා ආකාරය.
Blogger සදහා co.cc ඩොමේන් නාමයක් යොදා ගන්නේ නම් එයට අදාල සැකසුම් යුත්තේ ඔබේ ඩොමේන් නාමය සදහා ඇති Control Panel එක තුල ඇති Zone Records යන කොටස තුලයි.
මේ සදහා Zone Records වලට පිවිස පහත පරිදී සැකසුම් සකස් කර “Set up” යන්න මත ක්ලික් කරන්න. මේ සදහා උපරිමව පැය 48 ක කාලයක් ගත වේ.
Host = www.mysite. co.cc
TTL = 1 D
Type = CNAME
Value = ghs.google.com
මෙහි Host යන්නෙහි www.mysite. co.cc යන්නට ඔබේ ඩොමේන් නාමයේ ලිපිනය යොදා ගන්න. මෙහිදී Host යන්නට ඔබේ ඩොමේන් නාමයෙහි Sub Domain name එකක් යොදා ගත හැක. උදාහරනයක් ලෙස blog.mysite. co.cc ලෙස සැකසිය හැක.
නොම්ලේ ලැබෙන co.cc ඩොමේන් නාමයක් ලබා ගන්නා ආකාරය.
මීට පෙර .tk ඩොමේන් නාමය සම්බන්ධව දාපු ලිපිය කියවපු කෙනෙක් co.cc ඩොමේන් නාමය පිළිබදව ලිපියක් දාන්න කියලා comment එකක් දාලා තිබුණා. එකට පිළිතුරක් වශයෙන් තමයි මේ ලිපිය පළ කරන්නේ.
co.cc ඩොමේන් නාමය නොමිලේ ලබාගත හැකි වුවත් මෙය Sub Domain name එකක්. ඒ කියන්නේ co.cc ඩොමේන් නාමයෙහි Sub Domain තමයි නොමිලේ ලබාදෙන්නේ. මුදල් ගෙවා ලබා ගන්නා .com, .net වැනි ඩොමේන් නාම වලට ලැබෙන හැම පහසුකමක්ම co.cc ඩොමේන් නාමයටත් ලබා ගත හැකියි. ඒ වගේම හැම ඩොමේන් නාමයක්ම නොමිලේ දෙන්නෙත් නෑ. මුලින්ම නම් නොමිලේ ඩොමේන් නාම දෙකක් ලබා ගත හැකි වුවත් දැන් නම් එක් ඩොමේන් නාමයක් පමණයි නොමිලේ ලබා දෙන්නේ.
co.cc ඩොමේන් නාමයක් නොම්ලේ ලබා ගන්නේ කොහොමද ?
co.cc ඩොමේන් නාමයක් ලබා ගැනීම සදහා පළමුව co.cc වෙබ් අඩවියට පිවිස පහත රූපය පරිදි ඇති ඩොමේන් නාම සෙවීමට ඇති කොටුව තුල ඔබ ලබා ගැනීමට අපේක්ෂා කරන වෙබ් අඩවියේ නම ඇතුල් කරන්න.
TK ඩොමේන් නාමයක් ගැනීමට පෙර සැළකිය යුතු කරුණු
TK ඩොමේන් නාමය පිළිබදව මේ වන විටත් ඔබ දන්නවා ඇති. TK ඩොමේන් නාමය යනු නොමිලේ හෝ මුදල් ගෙවා ලබා ගත හැකි ඩොමේන් නාමයකි. නොමිලේ TK ඩොමේන් නාමය ලබා ගත හැකි වුවත් ඇතැම් TK ඩොමේන් නාම සදහා මුදල් ගෙවීමට සිදුවනවා. නොමිලේ TK ඩොමේන් නාමයක් ලබා ගැනීමේදී පහත කරුණු ඉතා වැදගත්.
1 . ලබා ගන්නා ඩොමේන් නාමයේ උපරිම අකුරු ගණන 255 කි.
2 . TK ඩොමේන් නාමය සහිත වෙබ් අඩවිය සදහා දින 90 කාලයක් තුල අවම වශයෙන් වෙබ් අඩවියට පිවිසීම් 25 ක් වත් තිබිය යුතුය. එලෙස අවම වශයෙන් පිවිසීම් 25 ක් වත් නොමැති ඩොමේන් නාම ඉවත් කරනු ඇත. Read more
Spam කරදරයෙන් මිදෙන්න විනාඩි 10 කට ඊමේල් ලිපිනයක්
සමහර වෙබ් අඩවි වලින් Download කිරීමක් කරන විට හෝ එම වෙබ් අඩවියට අදාල සේවාව ලබා ගන්නා විට දක්නට ලැබෙන දෙයක් තමයි එම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් නැතහොත් සාමාජිකයෙකු වීම අවශ්‍ය වීම. ඇතැමි විට මෙවැනි වෙබ් අඩවි නිසා ඔබගේ ඊමේල් ලිපිනය Spam වලට ගොදුරු වන්නට පුළුවන. මෙයට විසදුමක් වශයෙන් විනාඩි 10 කට ඊමේල් ලිපිනයක් ලබාදෙන 10minutemail.com වෙබ් අඩවිය යොදා ගන්නට පුළුවන. මෙම වෙබ් අඩවියෙන් කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියට පැමිණෙන ඕනෑම අයෙකුට විනාඩි 10 කට ඊමේල් ලිපිනයක් ලබා දීමයි. මේ සදහා ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නේ නැත. 10minutemail.com වෙබ් අඩවියට පිවිසුන විගස ඔබට ඊමේල් ලිපිනයක් ලබා දෙනු ලබයි. මෙම ඊමේල් ලිපිනය යොදා ගැනීමෙන් ඔබට ඊමේල් යැවිය නොහැකි අතර ඕනෑම ඊමේල් ලිපියක් ලබාගත හැකියි.




