Most Favourite Sri Lankan Website Award තරගාවලිය නැවතත්.

අගෝස්තු 23, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

.LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) විසින් Most Favourite Sri Lankan Website Award නම්න් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය දෙවන වරටත් ආරම්භ කොට ඇති අතර  .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට මේ සදහා ඉදිරිපත් විය හැකියි. තරගකරුවන්ට අංශ කිහිපයකින් මෙම තරගයට සහභාගී වීමට හැකිය.

ලංකා බ්ලොගර් වෙබ් අඩවිය ආරම්භ වූ වගයි.

අගෝස්තු 3, 2010 by ධීෂාන් · 4 Comments
Filed under: පුවත් 

ලංකා බ්ලොගර් (LankaBlogger) යනු  ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් බ්ලොග් ලියන්නන් සදහා සැකසුණු වෙබ් අඩවියකි.  මෙහි ඇති විශේෂත්වය වනුයේ බ්ලොග් කියවනයකට සීමා නොවී බ්ලොග්කරුවන් හට විවිධ සේවා සැපයීමයි. දැනට බ්ලොග් කියවනයකින් හා Community Site එකකින් සමන්විත වුවත් ඉදිරියේදී තවත් සේවාවන් කිහිපයක් ලබා දීමට නියමිතයි.

Read more

ඉන්දියාවෙන් මිල අඩුම Tablet පරිගණකයක්.

ජූලි 23, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

ඉන්දියාව විසින් මිල අඩු ටච්ස්ක්‍රීන් Tablet පරිගණකයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි මිල ඩොලර් 35 ක් ලෙසයි සදහන් වන්නේ.

Indian Express වෙබ් අඩවිය අනුව මෙහි වෙබ් බ්‍රව්සරයක් , PDF කියවනයක් , කාර්යාල යෙදුම් මෘදුකාංග , මීඩියා ප්ලේයරයක් , ආදී පහසුකම් වලින් සමන්විත වන අතර මෙහි ලිනක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වනවා.

Windows 7 පිටපත් මිලියන 175 ක් මාස 9 ක් ඇතුලත විකුණයි.

ජූලි 23, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Windows 7, පුවත් 

Windows 7

Microsoft ආයතනය මාස 9 ක් ඇතුලත Windows 7  පිටපත් මිලියන 175 ක් විකුණා ඇති අතර මෙය Microsoft සමාගම විසින් නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම වේගයකින් අලෙවි වන මෙහෙයුම් පද්ධතිය බවට සැලකෙනවා. මෙම Windows 7  මෙහෙයුම් පද්ධතිය 2009 වසරේ ඔක්තෝබර් මස නිකුත් වූවක්.

මීට මාසයකට පෙර Microsoft ආයතනය සදහන් කළ පරිදි Windows 7  පිටපත් මිලියන 150 ක් විකුණා ඇති බවයි. එනම් තත්පරයක් ඇතුලත Windows 7  පිටපත් 7 ක් පමණ අලෙවි වී තිබෙනවා.



Facebook වෙත සාමාජිකයන් මිලියන 500 ක්.

ජූලි 23, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: facebook, පුවත් 

Facebook වෙබ් අඩවියේ ලියාපදිංච් වී ඇති සාමාජිකයන් ගණන 21/07/2010 දින වනවිට මිලියන 500 ක්  වී තිබෙනවා. මේ පිළිබදව  ABC World News හා Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ Mark Zuckerberg විසින් පැවැත්වූ සාකච්ඡාවක  වීඩියෝ දර්ශණයක් පහත ඇත.

Gmail විසින් Rich Text Signatures හදුන්වා දෙයි.

ජූලි 10, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

Gmail මතදී  Signatures යෙදීමේදී Rich Text Signature යොදා ගැනීමේ පහසුකම ගුගල් විසින් හදුන්වාදී තිබෙනවා. මෙම නව පහසුකම නිසා වර්ණ අකුරු , links සහ පින්තූර Signature වශයෙන් යොදා ගත හැකියි.

Read more

Adobe Flash Player 10.1 දැන් ලබාගත හැකියි

ජූනි 11, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

Adobe සමාගම විසින් මේ වන විට Flash Player 10.1 and Adobe AIR 2. යන සංස්කරණ නිකුත් කර තිබෙනවා. මෙම නව සංස්කරණ වල පැරණි සංස්කරණ වලට වඩා නව අංග එකතු කර ඇති අතර ඔවුන්ගේ නිල බ්ලෝග් අඩවියෙන් මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

Microsoft වෙතින් ආ social සෙවුම් යන්ත්‍රය

ජූනි 10, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

Microsoft සමාගම සිය සෙවුම් යන්ත්‍රය වන Bing සෙවුම් යන්ත්‍රය සදහා ඉදිරිපත් කළ නව අංගයක් වන්නේ social සෙවුම් යන්ත්‍රයයි ( http://www.bing.com/social ).Web , Image ආදී සෙවුම් යන්ත්‍ර සදහා  සෙවුම් ප්‍රථිඵල දැක්වීමට වෙබ් අඩවි යොදාගත්තද  මෙම social සෙවුම් යන්ත්‍රය මගින් සිදුකරන සෙවුමකදී යොදාගන්නේ වෙබ් අඩවි සමග Facebook වෙබ් අඩවිය හා Twitter වෙබ් අඩවියයි. මෙහිදී ඔබ විසින් Facebook වෙබ් අඩවිය තුල කරනු ලබන updates යොදා ගනු ලබනවා. Facebook updates සිදු කිරීමේදී ඔබ  සෑම දෙනෙකුම සමග share කරගනු ලබන දෑ පමණක් සෙවුම් ප්‍රථිඵල සදහා යොදා ගන්නා බව Bing සෙවුම් යන්ත්‍රය දක්වා තිබෙනවා. වැඩිදුර තොරතුරු ඔවුන්ගේ බ්ලොග් අඩවියෙන් ලබා ගත හැකියි.

bing

Geegain වෙතින් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාවක්

ජූනි 5, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: පුවත් 

geegain_logo_smallසෙවුම් යන්ත්‍රයක් වන Geegain වෙබ් අඩවිය විසින් Geega.in වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාවක් හදුන්වා දී තිබෙනවා. මෙම සේවාව මගින් bit.ly , tinyurl.com වෙබ් අඩවි මෙන් වෙබ් ලිපින කෙටි කර ගත හැකි අතර Geegain ගිණුමක් භාවිතා කර ඔබ විසින් කෙටි කරන ලද වෙබ් ලිපින පිළිබදව තොරතුරුද ලබා ගත හැකියි.

Google Wave Now Open to All

මැයි 19, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

ගුගල් සමාගම විසින් හදුන්වාදුන් Google Wave සේවාව ලබා ගැනීමට හැකි වූයේ invitation මගිනි. නමුත් මේ වන විට එලස invitation වලින් තොරව Google Wave සේවාව අත්විදීමේ අවස්ථව ගුගල් සමාගම විසින් ලබා දී  තිබෙන අතර Google Apps domains සදහාද මෙම සේවාව ලබා දී තිබෙනවා .

ඉදිරි පිටුවට »

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status