උබුන්ටු මත g++ ස්ථාපනය කිරීම
C++ මගින් ලිනක්ස් මත සිට වැඩසටහන් සැකසීමේදී compiler එක වශයෙන් බොහෝ විට යොදාගනුයේ g++ compiler එකයි.මෙම g++ compiler එක උබුන්ටු මත ස්ථාපනය කිරීම සදහා terminal එක යොදා ගැනීමෙන් පහසුවෙන් ස්ථාපනය කරගත හැක.
g++ compiler එක උබුන්ටු මත ස්ථාපනය කිරීම සදහා පහත කේතය terminal එකට ඇතුළු කර Enter යතුර ඔබන්න.
sudo aptitude update && sudo aptitude install g++
FriendFeed Down
FriendFeed වෙබ් අඩවිය දැනට මිනිත්තු 30 ක පමණ කාලයක සිට අඩපණ වී තිබෙනවා. FriendFeed වෙබ් අඩවියට පිවිසුන විට 500 Internal Server Error නමින් Error පණිවිඩයක් පමණක් දිස්වේ.
WordPress සදහා Mobile Apps
වර්ථමානයේ පරිගණකය මගින් බ්ලෝග් ලිවීම වෙනුවට ජංගම දුරකථන මගින් බ්ලෝග් ලිවීම ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙලස ජංගම දුරකථන මගින් WordPress මත බ්ලෝග් ලිවීම සදහා WordPress apps හදුන්වා දී තිබෙනවා. Read more
WordPress Down
අද දින WordPress.com වෙබ් අඩවිය විනාඩි 110 ක පමණ කාලයක් සම්පූර්ණයෙන් අඩපණ වී තිබේනවා. මේ සිදුවීම නිසා WordPress.com වෙබ් අඩවිය හා සම්බන්ධ මිලියන 10.2 පමණ බ්ලොග් අඩවි ද සම්පූර්ණයෙන් අඩපණ වී ඇත. මෙම සිදුවීම පසුගිය වසර 4 තුල සිදුවූ විශාලතම දෝෂය බවට WordPress වෙබ් අඩවිය පවසනවා.
Android දුරකථන සදහා ගූගල් විසින් Mobile Shopping App (Google Shopper) හදුන්වා දෙයි.
Android උපාංග සදහා හදුන්වාදි ඇති නවතම application එකක් “ Google Shopper “ නමින් හදුන්වා දෙයි.මෙම application එකෙහි විශේෂත්වය වන්නේ පින්තූරයක් මගින් , bar code මගින් , කටහඩ මගින් අදාල නිශ්පාදනය පිළිබද තොරතුරු සෙවීමේ හැකියාවයි. Read more
නව වින්ඩෝවක් ලබා ගැනීම ( Photoshop 3 කොටස )
File » New වෙත පිවිසීමෙන් නව වින්ඩෝවක් ලබාගැනීම සිදුකළ හැක. එලස නව වින්ඩෝවක් ලබා ගැනීමේදී පහත පරිදි කොටුවක් ලැබේ. Read more
සමාජශාලා වෙබ් අඩවි සේවා අතරට අළුතෙන් එක් වූ Google Buzz
සමාජශාලා වෙබ් අඩවි ( social networking web sites ) වර්ථමානයේ අන්තර්ජාලය තුල වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි ලෙස හැදින්විය හැක. මේ අතරට අළුතෙන් එක් වූ සේවාව ලෙස Google Buzz හැදින්විය හැක. මෙම සේවාව හදුන්වා තිබෙන්නේ ගූගල් සමාගමේ ඊමේල් සේවාව වන ජීමේල් ( Gmail ) සමගයි. මෙමගින් ඔබට status updates, පින්තූර, වීඩියෝ, ඹබගේ මිතුරන් සමග බෙදාහදා ( share ) ගැනීමට හැකියි. පහත වීඩියෝ මගින්ද ඔබට වැඩිදුර තොරතුරු ද ලබාගත හැකියි. Read more
Internet Security 2010 ප්‍රවේසම් වන්න !!!
Internet Security 2010 යනු ව්‍යාජ ප්‍රතිවෛරස් වැඩසටහනක් (antivirus program). Internet Security 2010 යන වෛරස් වැඩසටහන Advanced Virus Remover malware නැමති වැඩසටහනේ ක්ලෝනයක් (clone) . මෙම වැඩසටහන් දෙකටම ඇත්තේ එක සමාන පරිශීලක අතුරු මුහුනතක් (graphical user interface) . Read more
Facebook වෙබ් අඩවිය අළුත් වේ
Facebook සමාජශාලා වෙබ් අඩවිය සිය ප්‍රධාන පිටුව ( HomePage) මේ වන විට අළුත්කර තිබෙනවා. මෙම වෙනස්කම් සිදුකර තිබෙන්නේ Top Menu හා Top Left Hand Column තුලයි. මේ අනුව පෙර Chat bar එක තුල තිබූ Notifications යන්න ඉවත් කර එය Top Menu තුල අන්තර් ගත කොට ඇති අතර පැරණි Top Menu ව තුල තිබූ අංග වෙනස් කිරීමක්ද සිදුකොට ඇත. Read more
Photoshop වල Tools හදුනාගැනීම ( Photoshop 2 කොටස )
Rectangle Marquee Tool – පින්තූරයකින් හතරැස් කොටුවක කොටසක් මෙමගින් තෝරා ගත හැකිය.Shift යතුර භාවිතා කරමින් ඇදීම සිදුකළ හොත් සමචතුරස්‍රාකාර කොටසක් තොරා ගත හැකිය.
Ellips Marquee Tool – ඕවලාකාර හැඩයක් සහිත ප්‍රදේශයක් මෙමගින් තෝරා ගැනීමට පුළුවන. Shift යතුර භාවිතා කරමින් ඇදීම සිදුකළ හොත් රවුමක හැඩයට තෝරා ගැනීමක් කළ හැකිය.
Single Row Marquee Tool - පේලියක් ආකාරයට යම් කිසි ප්‍රදේශයක් තෝරා ගැනීමට මෙය භාවිතා කළ හැකිය. Read more

