Facebook යාමට පෙර මේ ගැනත් සිතන්න . . . .

අප්‍රේල් 2, 2010 by ධීෂාන් · 19 Comments
Filed under: facebook 

වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook . ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන්  අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ  Facebook ගිණුම හැක් වෙලා , තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ . ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න , තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක් . ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google  වෙත පිවිස facebook  හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook  වෙත පිවිසීමය . බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක්  facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත.  Google.lk  වෙත පිවිස search box එක තුල “F”  අකුර යොදා බලන්න . එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ . Read more

pahesara.com – Community/Forum

අප්‍රේල් 1, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: පුවත් 

ඔන්න මම අළුත් වැඩක් පටන් ගත්තා. ඒ කියන්නේ අළුත් වෙබ් සයිට් එකක්. මේ වෙබ් සයිට් එක forum එකක් හා Community එකකින් සමන්විතයි. හරියට elakiri.com, anemanda.com වගේ. මේ වෙබ් සයිට් එකේ forum එක පහත දැක්වෙන තේමා ඔස්සේ පවත්වාගෙන යනවා.

Entertainment

Computers , Internet & Technology

Downloads

Search Engines & Marketing

Design & Development

Games

Mobile

Business

දැනට මම Administrator වශයන් කටයුතු කරනවා . ඉදිරියේදී තවත් කිහිප දෙනෙක්(Forum Moderators) බදවා ගන්න අදහසක් තියෙනවා. ඔබගේ අදහස් අනුව  තවත් දේවල් එකතු කිරීමට නියම්තයි. ඒ නිසා ඔබගේ අදහස් Commentඑකක් වශයෙන් මෙහි දමන්න. නැතහොත් support@lankazone.info  වෙත කරන්න

http://www.pahesara.com

Techකතා Live:55/56 වන වැඩසටහනෙහි Facebook, Yahoo ගිනුම් හැක් වීමේ පැනය

අප්‍රේල් 1, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: වර්ගීකරණය නොකළ 

ඔය Facebook, Yahoo ගිනුම් හැක් වෙලා කියලා කිවුව කෙනා තමන්ගේ ගිනුම ගැනද වෙන කෙනෙක්ගේ Facebook, Yahoo ගිනුම් ගැනද දන්නෙ නෑ කියවන්නේ . මීට සති දෙකකට පමණ පෙර මගෙ යාඵවකුගේ ( මලින්ද කියලා ) Facebook හා  Yahoo ගිනුම්  හැක් වෙලා මා විසින් Facebook හා  Yahoo ගිනුම්  දෙක විවෘත්ත කර  දුන්නා.

Facebook පාවිච්චි කරන අය කරන ප්‍රධාන  වැරද්දක් තමයි Profile එකේ තමන්ගෙ email address  එක හැමෝටම හරි යාළුවන්ට හරි පේන්න දැමීම.

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status