උබුන්ටු මත Dial-up අන්තර්ජාල සම්බන්ධතාවක් සැකසීම.
උබුන්ටු මත ADSL අන්තර්ජාල සම්බන්ධතාවක් සැකසීම මෙන් නොව Dial-up අන්තර්ජාල සම්බන්ධතාවක් සැකසීම තරමක් අපහසුය. පහත ක්‍රම මගින් උබුන්ටු මත දී Dial-up අන්තර්ජාල සම්බන්ධතාවක් සකසා ගත හැකිය.
පළමු ක්‍රමය
පළමුව ටර්ම්නල් ( Terminal ) එක විවෘත්ත කරගෙන පහත කේතය ඇතුල් කරන්න.
sudo pppconfig
එවිට පහත දැක්වෙන ආකාරයේ වින්ඩොවක් ලැබෙන අතර එහි “Create Create a connection” යන්න තෝරා එහි “ok” යන්න වෙත ගොස් enter යතුර ඔබන්න.
Google Wave Now Open to All
ගුගල් සමාගම විසින් හදුන්වාදුන් Google Wave සේවාව ලබා ගැනීමට හැකි වූයේ invitation මගිනි. නමුත් මේ වන විට එලස invitation වලින් තොරව Google Wave සේවාව අත්විදීමේ අවස්ථව ගුගල් සමාගම විසින් ලබා දී තිබෙන අතර Google Apps domains සදහාද මෙම සේවාව ලබා දී තිබෙනවා .
Google වෙබ් අඩවිය සිය පෙනුම අළුත් කරයි.

Google වෙබ් අඩවිය සිය සෙවුම් යන්ත්‍රයේ පෙනුම අළුත් කර තිබෙන අතර මෙය Bing සෙවුම් යන්ත්‍රයට සමාන පෙනුමකින් යුතුව නිර්මාණය කර තිබෙනවා. මීට පෙර Web Search කිරීමකදී වෙබ් සෙවුම් යන්ත්‍රයේ ප්‍රතිථල පමණක් පෙන්වුවද මෙවර Web, Image ,Video, News යන වෙබ් සෙවුම් යන්ත්‍රවල ප්‍රතිඵල වෙබ් සෙවුමකදී පෙන්වනු ලබනවා. Read more
හැක් වූ Facebook ගිණුමක් නැවත යථා තත්වයට පත් කරමු.
Facebook ගිණුමක් හැක්වීම වළක්වා ගන්නා ආකාරය මීට පෙර ලිපියකින් මා ඉදිරිපත් කළා ඔබට මතක ඇති. අද ඉදිරිපත් කරන්නේ හැක් වූ Facebook ගිණුමක් නැවත යථා තත්වයට පත්කර ගන්නා ආකාරයයි.
ඔබගේ ගිණුම හැක් කළ හැකර්කරුවා විසින් Facebook ගිණුමේ මුරපදය ( password ) පමණක් වෙනස්කර ඇත්නම් www.facebook.com ලිපිනය වෙත පිවිස Forgot your password? යන සබැදිය ( link ) වෙත පිවිස එහි උපදෙස් අනුගමනය කර පහසුවෙන් නැවත ඔබගේ Facebook ගිණුම ඔබ අතට පත් කර ගත හැකිය.
Facebook ගිණුමක් හැක් කල පසු කරන තවත් දෙයක් තමයි අදාල ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කිරීම. මෙලස ඊමේල් ලිපිනය වෙනස් කළ විට ඔබට නැවත ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීම අපහසු වෙනවා. නමුත් මෙලස ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කල විටද නැවත ඔබගේ ගිණුම තත්වයට පත්කර ගත හැකියී. ඒ පහත සබැදියට ( link ) පිවිසීමෙන්. එහිදී සිදුවන්නේ Facebook වෙබ් අඩවිය පවත්වාගෙන යන අය විසින් නැවත ඔබගේ ගිණුම යථා තත්වයට පත්කිරීමක්. එම වෙබ් පිටුව වෙත පිවිස අදාල උපදෙස් අනුගමනය කරන්න.
සබැදිය ( link ) :- http://www.facebook.com/help/?page=1023
මෙම ක්‍රමයන් මගින් ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීමේදී ඔබගේ ඊමේල් ලිපිනය හැක් වූ එකක් නොවිය යුතුයි. ඔබගේ ඊමේල් ලිපිනය හා Facebook ගිණුම හැක් වූ විට පළමුව ඊමේල් ලිපිනය යථා තත්වයට පත්කර ගත යුතුයි.
Credit Card පතකින් ආරක්ෂිතව අන්තර්ජාලය හරහා ගෙවිම් කරන්නේ කොහොමද?
වර්තමානයේ අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා විකිණීම මෙන්ම මිලදී ගැනීමද ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීම් සදහා 90 % කට වඩා credit card භාවිතා කරනු ලබනවා. මෙලෙස credit card භාවිතා කිරීමේදී වර්ථමානයේ අන්තර්ජාලයේ පවතින වංචා , වෛරස් වැනි හේතු නිසා අවධානමකට මුහුණ දීමට සිදුවේ.
හැකර්කරුවන්ගෙන් හා වෛර්ස් වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්න.
වර්ථමානයේ හැකර්කරුවන්ගේ හා වෛර්ස් වැඩසටහන් වල තර්ජන වලට බොහෝමයක් පරිගණක ලක්වෙනවා. මෙවැනි වැඩසටහන් ඔබේ පරිගණකයේ තිබුණ හොත් ඔබගේ credit card පතෙහි තොරතුරු වෙනත් පුද්ගලයන්ගේ අතට පත්විය හැකියි. මේ සදහා හොද ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කළ හැකිය. එසේම අදාල ගෙවීම් සිදු කිරීමට පෙර හා පසු වෙබ් ගවේශකයේ History , cookies ආදිය මකා දමන්න.
විශ්වාස කළ හැකි වෙබ් අඩවි යොදාගන්න.
අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා විකිණීම මෙන්ම මිලදී ගැනීමේදී විශ්වාසවන්ත වෙබ් අඩවි තොරා ගන්න. ඔබ වංචාකාරී වෙබ් අඩවියක් තෝරා ගතහොත් ඔබට අවදානමකට මුහුන දීමට සිදුවේ.එසේම ඔබට ලැබෙන සෑම ලින්ක් එක්කම ඔබ පිවිසි වෙබ් අඩවියට සම්බන්ධ දැයි පරීක්ෂා කරන්න. Read more

