Adobe Flash Player 10.1 දැන් ලබාගත හැකියි

ජූනි 11, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

Adobe සමාගම විසින් මේ වන විට Flash Player 10.1 and Adobe AIR 2. යන සංස්කරණ නිකුත් කර තිබෙනවා. මෙම නව සංස්කරණ වල පැරණි සංස්කරණ වලට වඩා නව අංග එකතු කර ඇති අතර ඔවුන්ගේ නිල බ්ලෝග් අඩවියෙන් මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

Microsoft වෙතින් ආ social සෙවුම් යන්ත්‍රය

ජූනි 10, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

Microsoft සමාගම සිය සෙවුම් යන්ත්‍රය වන Bing සෙවුම් යන්ත්‍රය සදහා ඉදිරිපත් කළ නව අංගයක් වන්නේ social සෙවුම් යන්ත්‍රයයි ( http://www.bing.com/social ).Web , Image ආදී සෙවුම් යන්ත්‍ර සදහා  සෙවුම් ප්‍රථිඵල දැක්වීමට වෙබ් අඩවි යොදාගත්තද  මෙම social සෙවුම් යන්ත්‍රය මගින් සිදුකරන සෙවුමකදී යොදාගන්නේ වෙබ් අඩවි සමග Facebook වෙබ් අඩවිය හා Twitter වෙබ් අඩවියයි. මෙහිදී ඔබ විසින් Facebook වෙබ් අඩවිය තුල කරනු ලබන updates යොදා ගනු ලබනවා. Facebook updates සිදු කිරීමේදී ඔබ  සෑම දෙනෙකුම සමග share කරගනු ලබන දෑ පමණක් සෙවුම් ප්‍රථිඵල සදහා යොදා ගන්නා බව Bing සෙවුම් යන්ත්‍රය දක්වා තිබෙනවා. වැඩිදුර තොරතුරු ඔවුන්ගේ බ්ලොග් අඩවියෙන් ලබා ගත හැකියි.

bing

ඇපල් සමාගමෙන් එන iPhone 4

ජූනි 9, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: iPhone 

Size and weight

iphone 4

Height : 4.5 inches (115.2 mm)

Width  : 2.31 inches (58.6 mm)

Depth  : 0.37 inch (9.3 mm)
Weight: 4.8 ounces (137 grams)

Capacity :

16GB or 32GB flash drive

Color :

White or black Read more

රූලර් භාවිතයට ගැනීම ( Photoshop 4 කොටස )

ජූනි 7, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Photoshop 

Photoshop  මගින් ඡායාරූප සංස්කරණයේදී ඇතැමි විට යම් කිසි ස්ථානයක් හදුනා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සදහා යම් කිසි මිණුම් ක්‍රමයක් අවශ්‍ය වේ. එවැනි අවස්ථා වලදී Photoshop තුල ඇති රූලර්  (Ruler) භාවිතයට ගත හැක. මෙහි පිහිටීම සකස් වන්නේ සිරස් හා තිරස් ආකාරයටය. ඔබ විසින් විවෘත කර ගන්නා ලද ඡායාරූපයකට Ruler ලබා ගැනීමට View → Rulers යන්න තොරන්න. නැතහොත් කෙටි ක්‍රමය වන Ctrl + R අනුගමනය කරන්න. මේ ආකාරයට ලැබෙන Ruler හි පෙනුම පහත ආකාරයට වේ. Read more

Geegain වෙතින් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාවක්

ජූනි 5, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: පුවත් 

geegain_logo_smallසෙවුම් යන්ත්‍රයක් වන Geegain වෙබ් අඩවිය විසින් Geega.in වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාවක් හදුන්වා දී තිබෙනවා. මෙම සේවාව මගින් bit.ly , tinyurl.com වෙබ් අඩවි මෙන් වෙබ් ලිපින කෙටි කර ගත හැකි අතර Geegain ගිණුමක් භාවිතා කර ඔබ විසින් කෙටි කරන ලද වෙබ් ලිපින පිළිබදව තොරතුරුද ලබා ගත හැකියි.

Spam කරදරයෙන් මිදෙන්න විනාඩි 10 කට ඊමේල් ලිපිනයක්

ජූනි 5, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: වෙබ් අඩවි 

සමහර වෙබ් අඩවි වලින් Download කිරීමක් කරන විට හෝ එම වෙබ් අඩවියට අදාල සේවාව ලබා ගන්නා විට දක්නට ලැබෙන දෙයක් තමයි එම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් නැතහොත් සාමාජිකයෙකු වීම අවශ්‍ය වීම. ඇතැමි විට මෙවැනි වෙබ් අඩවි නිසා ඔබගේ  ඊමේල් ලිපිනය Spam වලට ගොදුරු වන්නට පුළුවන. මෙයට විසදුමක් වශයෙන් විනාඩි 10 කට ඊමේල් ලිපිනයක් ලබාදෙන 10minutemail.com වෙබ් අඩවිය යොදා ගන්නට පුළුවන. මෙම වෙබ් අඩවියෙන් කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියට පැමිණෙන ඕනෑම අයෙකුට විනාඩි 10 කට ඊමේල් ලිපිනයක් ලබා දීමයි. මේ සදහා ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නේ නැත.  10minutemail.com වෙබ් අඩවියට පිවිසුන විගස ඔබට ඊමේල් ලිපිනයක් ලබා දෙනු ලබයි. මෙම ඊමේල් ලිපිනය යොදා ගැනීමෙන් ඔබට ඊමේල් යැවිය නොහැකි අතර ඕනෑම ඊමේල් ලිපියක් ලබාගත හැකියි.

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status