Zoom Tool භාවිතා කිරීම ( Photoshop 5 කොටස )

ජූලි 20, 2010 by ධීෂාන්
Filed under: Photoshop 

ඡායාරූප සංස්කරණය කරන අවස්ථා වලදී ඇතැමි විට ඡායාරූපය විශාල කොට විවිධ සංස්කරණයන්  කිරීමට සිදුවේ. මේ සදහා Zoom Tool එක ආකාර කිහිපයකින් භාවිතා කළ හැකි වේ.

photoshop-zoom--tool

(1) ToolBox මගින් Zoom Tool එක තොරා ගන්න. දැන් ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Zoom Tool එක මගින් වැඩ කිරීමට Option bar තුල ඇති පහසුකම්ද වැදගත් වේ.

මෙහිදී Zoom In යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය විශාල වීම සිදුවේ. Zoom Out යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය කුඩා වීම සිදුවේ. Option bar හි ඇති Resize Windows To Fit  යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ඡායාරූපයට සාපේක්ෂව වින්ඩෝවද වෙනස් වේ. මෙහි Zoom All Windows යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ලබා ගෙන ඇති සියළුම වින්ඩෝවන්ද විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Actual Pixels බොත්තම click කිරීමෙන්  ඡායාරූපයට අදාල උස පළල අනුව පෙනුම සකස් වේ. Fit Screen යන්න තෝරා ගැනීමෙන් පරිගණක තිරයේ උසට හා පළලට ගැලපෙන සේ අදාල ඡායාරූපයේ පෙනුම සකස් වේ. Print Size මගින් ඡායාරූපයේ මුද්‍රණයට අදාල ප්‍රමාණය හෙවත් එහි සැබෑ ප්‍රමාණය ලබා ගත හැක.

(2) Zoom In හෝ  Zoom out යන දෙකෙන් එකක් තෝරා ගත් විට ඉන් ප්‍රතිවිරුද්ධ එක නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් Alt යතුර ඔබා ගෙන ගෙන පින්තූරය මත ක්ලික් කරන්න. උදාහරණයක් ලෙස Zoom In යන්න තෝරා පින්තූරය විශාල කර ගත් විට පින්තූරය නැවත කුඩා කර ගැනීමට අවශ්‍ය නම් Alt යතුර ඔබා ගෙන පින්තූරය මත ක්ලික් කරන්න.

(3) පින්තූරයක අවශ්‍ය ස්ථානයක් පමණක් විශාල කර බැලීමට Zoom In යන්න තෝරා ගෙන මවුසය ක්ලික් කරගෙනම අවශ්‍ය ස්ථානයේ කොටුවක් ඇද මවුසය ලිහිල් කරන්න. එවිට අදාල ස්ථානය පමණක් විශාල වී පෙනෙනු ඇත.

(4) මීට අමතරව Zoom Tool එක භාවිතා නොකර පින්තූරයක් විශාල කර ගැනීමට අවශ්‍ය නම් Ctrl යතුර ඔබා ගෙන සිටියදී යතුරු පුවරුවේ ධන (+) ලකුණ භාවිතා කරන්න. පින්තූරයක් කුඩා කර ගැනීමට අවශ්‍ය නම් Ctrl යතුර ඔබා ගෙන සිටියදී යතුරු පුවරුවේ සෘණ (-) ලකුණ භාවිතා කරන්න.

Comments

One Comment on Zoom Tool භාවිතා කිරීම ( Photoshop 5 කොටස )

  1. Namila on බ්‍රහස්, 22nd ජූලි 2010 පෙ.ව. 8:11
  2. ela ela ;)

Tell me what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!





ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status